පාසල් ඉතිහාසය සැකෙවින්,
මෙම පාසල ආරම්භ කර ඇත්තේ වර්ෂ 1890 දීය.පිරිමි ළමුන් තිස් දෙනෙකුගෙන්(30) ආරම්භ කල මෙම පාසල මුලින්ම පවත්වාගෙන ගොස් ඇත්තේ පොල් අතු සෙවිලි කල තාවකාලික ගොඩනැගිල්ලකය.පාසලේ ආරම්භක විදුහල්පතිතුමා වූයේ ඩබ්.ජේම්ස් මැතිතුමාය.එදා සිට අද දක්වා විදුහල්පතිවරනුන් 34 දෙනෙකූගේ නායකත්වය යටතේ , ආචාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්ගේ ක්‍රියාකාරිත්වය හා කැපවීමත් දෙමාපියන්ගේ හා ආදි සිසුන්ගේ සහයෝගයත් හේතුවෙන් පාසල විශාල සංවර්ධනයක් කරා ගමන් කරමින් ඇත්.අද වන විට මෙම පාසල ශ්‍රී ලංකාවේ ජාතික පාසල් ඇතුරින් උසස් ප්‍රතිඵල ලබන දර්ශනීය පරිසරයක් සහිත පාසලක් බවට පරිවර්තනය වී ඇත.
පාසල් ඉතිහාසයේ සුවිශේෂී මං සළකුණු
- 1961 දී සාමාන්‍ය පෙළ විද්‍යාගාරයක් ඉදි කිරීම.
- 1962 වර්ෂයේදී ඩී.එම්. බස්නායක විදිහල්පති තුමාගේ සේවා කාලය තුල මහා විද්‍යාලයක් බවට පත් කිරීම.
- 1965 - 1984 දක්වා විදුහල්පති ධූරය හෙබ වූ ජී.කේ.කුලරත්න මැතිතුමාගේ සේවා කාලය රාහුල ජාතික පාසලේ ස්වර්නමය යුගයක් වීම
- ටී.පි. ආරියපාල විදුහල්පතිතුමාගේ සේවා කාලය තුළ 1998-12-13 දින මෙම පාසල ජාතික පාසලක් බවට පත් විය. ඩබ්.ඒ.පි.විමලආරච්චි විදුහල්පතිතුමාගේ කාලය තුළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දීම ආරම්භ කරන ලදි.
- 2008-02-13 සිට 2012- 09-12 දක්වා කාලය තුළ එන්.ජී.විද්‍යාරත්න විදුහල්පතිතුමා මානව හා භෞතික සම්පත්දායි ලෙස යොදවමින් එම සම්පත් වැඩිදියුණු කිරීමටත් ගුණාත්මක සංවර්ධනය උදෙසා දායකත්වය සැපයීම.
- ඒ.කේ විද්‍යාරත්න වැඩබලන විදුහල්පතිතුමාගේ සේවා කාලය තුළ විද්‍යාලයේ තාක්ෂණ විද්යාන විෂය ධාරාව ආරම්භ වීමත් සමග ප්‍රදේශයේ උසස් පෙළ විෂයධාරාවන් 04ක් යටතේ අධ්‍යාපනය ලබා දෙන පාසලක් වීම.(2012-09-13) සිට (2016-05-09).
- 2008-02-12 සිට 2012-09-12 දක්වා කාලය ඩබ්.එම්.අයි.විජේලතා විදුහල්පතිතුමියගේ සේවා කාලය තුළ පාසල් තෙමහල් ගොඩනැගිල්ල සදහා මුල්ගල තබන ලදී.
- 2017-12-02 සිට 2018-08-02 දක්වා කාලය එස්.එස්.තිලකරත්න විදුහල්පතිතුමාගේ සේවා කාලය වන අතර එම කාලය තුළ ආදි ශිෂ්‍ය සංගමය මගින් පාසල මගීන් පාසල සදහා ත්‍රී රෝද රථයක් ලබා දෙන ලදී.
- අයිතියට පත් කරන ලදි .තවද CCTV කැමරා 5 කින් යුක්ත පද්ධතියක් සවි කරන ලදී. 2009 වර්ෂයේ පාසලේ සියළු ගොඩනැගිලි ඇතුලත තීන්න ආලේප කිරීම.Smart Board 04ක් සවි කිරීම මෙම කාලය තුල විදුහල්පති ලෙස එම්.ටී.ඒ.එන්.ගුණරත්න මයා කටයුතු කරන ලදී.
ආරම්භ කළ වර්ෂය |
1890 |
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
03 |
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
8 |
මුල් ගුරුතුමාගේ නම |
- |
පාසලේ ආදි කතෘගේ නම |
- |
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
පාසලේ නම |
රාහුල |
පාසල භාරව කටයුතු කිරීම |
- |
පාසල රජයට පවරාගත් දිනය |
- |
පාසල පැවැත්වූ ස්ථානය |
- |
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
|