- සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම පෙ.ව. 7.20 ට පෙර පාසලට පැමිණිය යුතුය.
- පාසල පැවැත්වෙන අතරතුර ගුරු භවතෙකුගේ අවසරයකින් තොරව පංති කාමරයෙන් පිටතට පැමිණීම නොකළ යුතු අතර එසේ පිටතට පැමිණීමේ දී බැහැරවීමේ අවසර පත තමා ළඟ තිබීම අනිවාර්ය වේ.
- පෙ.ව. 7.25 ට පාසල ආරම්භ කිරීමේ පළමු සීනුව නාද කිරීමෙන් පසු ආගමික වතාවත් ඉටුකිරීම සඳහා සූදානම් විය යුතුය.
- උදය රැස්වීමට සංවරශීලීව සහභාගි වීමත් පාසල අවසාන වීමේ දී සන්සුන්ව දවසේ කටයුතු අවසන්කර ගුරු භවතුන්ට ආචාර කරන පිළිවෙත් අනුගමනය කිරීමත් සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකගේ ම වගකීම වේ.
- පෙ.ව. 8.00 න් පසුව ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසලට ඇතුලත් කරගනු නොලැබේ.
- පාසලට ඇතුළුවීම සඳහා ශිෂ්‍ය වාර්තා පොත රැගෙන ඒම අනිවාර්ය වේ.
- පාසලට අදාළ නොවන භාණ්ඩ ගෙන ඒමෙන් වැළකිය යුතුයි. (උදා: මුදල්, මාල,ජංගම දුරකථන, CD,VCD ආදිය)
- පාසලේ විනය නීති මාලාවට එකඟව කොණ්ඩය, ඇඳුම් පැළදුම්, සපත්තු, පොත් බෑගය ආදිය සකසා ගත යුතුයි.
- අදාළ අය නියමිත වේලාවට පංති කාමරය සහ මිදුල පිරිසිදු කරගත යුතුයි.
- අදාළ අය මල් පූජාව සඳහා අවශ්‍ය ද්‍රව්‍ය රැගෙනවිත් පූජා කටයුතුවලට සහභාගි විය යුතුයි.
- ශරීර සුවතා සඳහා සීනුව නාද කළ වහාම ඉක්මණින් පේළියට ක්‍රීඩා භූමිය වෙත වාර්තා කළ යුතුයි.
- පංතියට පැමිණෙන ගුරු භවතුන්ට ගෞරවාචාර්ය කළ යුතුයි.
- දෙදෙනෙකු අතර හෝ දෙපිරිසක් අතර ගැටුම් ඇති විය හැකි ආකාරයේ කතාබහක ක්‍රියාවන්හි නොයෙදිය යුතුයි.
- ඔබට තවත් කෙනෙකු හා පිරිසක් සමග ගැටලුවක් ඇති වූ විට සුහදව එය විසදා ගත යුතු අතර එසේ කළ නොහැකි බව වැටහේ නම් ගුරු භව්යතකුගේ සහය ලබාගත යුතුය.
- කේන්තියෙන් සිටින අයෙකු සමඟ විවාද කරනවාට වඩා නිශ්ශබ්දතාවයෙන් සිටීමට උත්සාහ කළ යුතුය.
- පාසලේ දී ගැටුමක් ඇති වන බව දැනගත් වහාම සහ පාසලට අවැඩක් වන බව දැනගත් වහාම විදුහල්පති තුමත් හෝ අදාළ ගුරු භවතුන් දැනුවත් කළ යුතුයි.
- වැරදි හැසිරීම් ඇති අය හඳුනාගෙන ඒ අයගෙන් දුරස් විය යුතුයි.
- පාසලට ගෙවිය යුතු විභාග ගාස්තු, පහසුකම් ගාස්තු ආදිය නිසි කලට වේලාවට ගෙවා බිල්පත් ලබාගත යුතුයි.
- පාසලේ භෞතික සම්පත් ආරක්ෂා කළ යුතු අතර ආරක්ෂක වැඩපිළිවෙලට දෙමාපිය සහයෝගය ලබාගත යුතුයි.
- නිවසේ දී සකස් කළ ආහාර සහ වතුර බෝතලයක් රැගෙන ආ යුතු මෙන්ම පොලිතින් රැගෙන ඒමෙන් වැළකිය යුතුයි.
- කිසිවෙකුට හිංසා කිරීමෙන් වැළකිය යුතු මෙන්ම සෑම දිනකම අවම වශයෙන් එක් අයෙකුට හෝ උදව්වක් කර සතුටු විය යුතුයි.
- අධ්‍යාපනයට බාධා වන ආකාරයේ මානසික පීඩාවක් (නිවසේ දී පාසලේ දී) වූවා නම් ඒ පිළිබඳ සහතයක් ලබා ගැනීමට වැරදි හැසිරීම්වලට හෝ පුරුදු වලට ඇබ්බැහි වීම් වලිත් මිදීමට විද්‍යාලයේ උපදේශන ඒකකය වෙත යොමු විය යුතුය.
- විද්‍යාලයේ ඇති ශිෂ්‍ය ප්රඥප්තියට අනුකූලව කටයුතු කළ යුතුය.
- කලින් කලට ඇතුලත් කරන නීති රීති හා නියමයන්ට අනුකූල විය යුතුය.
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි