නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ර/ඇඹි/රාහුල ජාතික පාසල

කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන රාහුල විදු මෑනියන්ගේ වර්තමාන පෙර ගමන් කරුවන් වන ඔබ සැමට ආමන්ත්‍රණය කරනුයේ මහත් සෙනෙහසින් හා ගෞරවයෙනි.පරපුරක දැනුම සංස්ක්ෘතිය හා ප්‍රායෝගික අත්දැකීම තවත් පරපුරකට පවරා දීමේ පුරෝගාමී කර්තව්‍යක යෙදී සිටින ආදරනීය ඇදුරුමඩුල්ල,දීප්තිමත් අනාගතයක බලාපොරොත්තු තබා ගැනීමට දරුවන්ට අවස්ථාව උදා කරදී ඇත.
මෙම වෙබ් අඩවිය තුළින් අපගේ වැඩ කටයුතු ලොවට විවරණය කිරීමටත් අපට කිසියම් මගපෙන්වීමක් ලබා ගැනීමටත් යොදාගැනීමට උත්සහා කිරීම අප සැමගේ යුතුකමකි.
රාහුල පවුලේ අභිවෘද්ධිය හා අභිමානය වෙනුවෙන් මහඟු දායකත්වයක් සපයන ඔබ තම යුතුකම් හා වගකීම් නිවැරදිව හඳුනාගෙන කටයුතු කිරීමෙන් එම අරමුණ කරා වඩාත් පහසුවෙන් ළඟා විය හැකි බව මාගේ විශ්වාසයයි.
නව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදයන්ට අනුගත වෙමින් හා නූතන තාක්ෂණය හා බද්ධ වෙමින් රාහුල දරුවන්ගේ ප්රබලතා හා දුබලතා හඳුනාගෙන ඔවුන් සතු ප්රබලතා ඉස්මතු කර ගැනීමට අපට ශක්තිය ඇති බව මම විශ්වාස කරමි.